සිංහල අක්ෂර වර්ගීකරණය
සියලුම අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක . උත්පත්ති ස්ථාන අනුව ව්‍යඤ්ජනත් ස්වරත් වර්ග කළ හැක .
- කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් උපදී .
- තාලුජ - දිවේ මැද තල්ල දෙසට සමීප වීමෙන් උපදී .
- මූර්ධජ - දිවේ අග මුදුන වෙත සමීප වීමෙන් උපදී .
- දන්තජ - දිවේ අග උඩු දත් වැටියේ ස්පර්ශ වී උපදී .
- ඕෂ්ඨජ - යටිතොල හා උඩුතොල ආධාරයෙන් උපදී .
* තවද (ව) හා (ෆ) අක්ෂර දන්ත ඕෂ්ඨජ ලෙස සලකනු ලැබේ .
* ඞ , ඤ , ණ , න , ම යන අක්ෂර උච්චාරණයට නාසය උපකාරී වන නිසා නාසික්‍ය අක්ෂර ලෙස නම් කෙරේ .
* ඟ , ඦ , ඬ , ඳ , ඹ යන අක්ෂර උච්චාරණයට අර්ධ වශයෙන් නාසය යොදා ගන්නා නිසා අර්ධානුනාසික්‍ය ලෙස හැඳින්වේ .
තවද සියලුම අක්ෂර ඝෝෂ හා අඝෝෂ ලෙස වර්ග කළ හැක ( පින්තූරය බලන්න )
- සිංහල අක්ෂර මාලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි .
ආ . ව්‍යඤ්ජන
ස්වර
මෙහිදී ස්වර ලෙස හදුන්වන්නේ වෙනත් ශබ්දයක උපකාරය නොමැතිව තනිව උචිචාරණය කළ හැකි
අක්ෂරයි . ස්වර 18 ක් සිංහල අක්ෂර මාලාවේ දක්නට ලැබේ .
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ ඏ ඏෟ එ ඒ ඓ ඔ ඕ ඖ
මේ අතරින් (ඏ) හා (ඏෟ) යන ස්වර නුතනයේ භාවිතයේ දක්නට නොලැබේ .
- මෙම ස්වර ද දෙවර්ගයකි .
ආ . දීර්ඝ ස්වර - ආ ඈ ඊ ඌ ඎ ඏෟ ඒ ඕ
ඇ . සංයුක්ත ස්වර - ඓ ඖ
සිංහල හෝඩියේ තවත් විශේෂත්වයක් වන්නේ (ඇ) හා (ඈ) යන අක්ෂරයි . එසේ (ඇ) හා (ඈ) යන ශබ්ද සදහා වෙනම ම අක්ෂර ඇත්තේ සිංහල හා වංග යන භාෂා වල පමණි .
1 . වර්ග අක්ෂර -
සිංහල හෝඩියේ තවත් විශේෂත්වයක් වන්නේ (ඇ) හා (ඈ) යන අක්ෂරයි . එසේ (ඇ) හා (ඈ) යන ශබ්ද සදහා වෙනම ම අක්ෂර ඇත්තේ සිංහල හා වංග යන භාෂා වල පමණි .
ව්‍යඤ්ජන
වර්ගාක්ෂර 25 ක් සිංහල හෝඩියේ දක්නට ලැබේ . ඒවා ක වර්ගය , ච වර්ගය , ට වර්ගය , ත වර්ගය , ප වර්ගය ලෙස වර්ග 5 කි .
තවද මේ වර්ගාක්ෂර පහත ලෙස ද වර්ග කළ හැක .
අ . මහාප්‍රාණ - ඛ ඡ ඨ ථ ඵ ඝ ඣ ඪ ධ භ
ආ . අල්පප්‍රාණ - ක ච ට ත ප ග ජ ඩ ද බ
ඇ . වර්ගාන්ත - ඞ ඤ ණ න ම
2 . සඤ්ඤක අක්ෂර -
සඤ්ඤක අක්ෂර සෑදෙන්නේ වර්ගාන්ත හා අල්පප්‍රාණ අක්ෂර සංයෝජනය වීමෙනි .
3 . ඌෂ්මාක්ෂර -
මෙම අක්ෂර උච්චාරණයේදී මුඛයෙන් වායු ධාරාව උණුසුම් ව නිකුත් වේ .
අඃ ශ ෂ ස හ ෆ
4 . අනතඃස්ථාක්ෂර -
අඃ ශ ෂ ස හ ෆ
4 . අනතඃස්ථාක්ෂර -
අර්ධ ස්වර ලෙස ද හඳුන්වයි .මේවා ස්වර හා ව්‍යඤ්ජන අතර පිහිටයි .
ය ර ල ව
ය් - ඉ
ර් - ඍ
ල් - ඏ
ව් - උ
* තවද අනුස්වාරය(බිංදුව) හා විසර්ගය ද ව්‍යඤ්ජන සේ පිළිගෙන ඇත .
ය ර ල ව
ය් - ඉ
ර් - ඍ
ල් - ඏ
ව් - උ
- සන්ධි වීමේදී ඇතැම් ස්වර අර්ධ ස්වර බවට පත්වේ . උදා - බහු + අර්ථ = බහ් + උ + අර්ථ = බහ්වර්ථ (මෙහිදී (උ) ස්වරය (ව්) ව්‍යඤ්ජනය බවට පත්වේ )
* තවද අනුස්වාරය(බිංදුව) හා විසර්ගය ද ව්‍යඤ්ජන සේ පිළිගෙන ඇත .
* සිංහල හෝඩිය්ෙ අවසාන අකුර වන (ෆ) අක්ෂරය උපත්මානිය නම් වේ . එය ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින් සිංහලයට තත්සම වූ වචන ලිවීමට යොදාගනී ( ෆාමසිය )
* සඤ්ඤක අක්ෂරයක් වන (ඦ) වර්තමාන සිංහල ව්‍යවහාරයේ දක්නට නොලැබේ .
* (ඥ) යනු සංයුක්ත අක්ෂරයකි . එය සෑදෙන්නේ (ජ) හා (ඤ) අක්ෂර සංයෝජනය වීමෙනි .
නියම වැඩක් ජනිදු....
ReplyDeleteThank you sir
DeleteThank you sir
DeleteSUPER👍👍
DeleteGood job
ReplyDeleteජනිදු
ReplyDelete🙏🙏🙏
ReplyDeleteGood job bro
ReplyDeleteමුතුලි
ReplyDelete👍👍👍
ReplyDeleteඑල
ReplyDeleteහරිම ප්‍රයෝජනවත් ඒක
ReplyDeleteෆ අකුර උපත්මානිය කියලා හදුන්වන්න හේතුව මොකක්ද?
ReplyDeleteසංස්කෘත භාෂාවේ උපධිමානීය කියල ව්‍යකරණ නීතියක් තියෙනවා ,මම හිතන්නේ ඒක තමයි මේ කියන්නේ .(ජිහ්වාමූලීය හා උපධිමානීය )
DeleteGood job & good luck
ReplyDelete👍👍👍
ReplyDeleteගොඩක් වට්නවා
ReplyDeletethank you.it is very valuable
ReplyDeleteගැම්මක් තමයි
ReplyDelete