Saturday, October 15, 2016

                                   සිංහල අක්‍ෂර වර්ගීකරණය


සියලුම අක්‍ෂර උත්පත්ති ස්ථාන අනුව වර්ග කළ හැක . උත්පත්ති ස්ථාන අනුව ව්‍යඤ්ජනත් ස්වරත් වර්ග කළ හැක .




  1. කණ්ඨජ - දිවේ මුල උගුර දෙසට ළං වීමෙන් උපදී .
  2. තාලුජ - දිවේ මැද තල්ල දෙසට සමීප වීමෙන් උපදී .
  3. මූර්ධජ - දිවේ අග මුදුන වෙත සමීප වීමෙන් උපදී .
  4. දන්තජ - දිවේ අග උඩු දත් වැටියේ ස්පර්ශ වී උපදී . 
  5. ඕෂ්ඨජ - යටිතොල හා උඩුතොල ආධාරයෙන් උපදී .
      * තවද (ව) හා (ෆ) අක්‍ෂර දන්ත ඕෂ්ඨජ ලෙස සලකනු ලැබේ .
      * ඞ , ඤ , ණ , න , ම යන අක්‍ෂර උච්චාරණයට නාසය උපකාරී වන නිසා නාසික්‍ය අක්‍ෂර ලෙස නම්                    කෙරේ .
      * ඟ , ඦ , ඬ , ඳ , ඹ යන අක්‍ෂර උච්චාරණයට අර්ධ වශයෙන් නාසය යොදා ගන්නා නිසා අර්ධානුනාසික්‍ය            ලෙස හැඳින්වේ .

තවද සියලුම අක්‍ෂර ඝෝෂ හා අඝෝෂ ලෙස වර්ග කළ හැක ( පින්තූරය බලන්න )



  • සිංහල අක්‍ෂර මාලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි .
           අ . ස්වර
           ආ . ව්‍යඤ්ජන



                ස්වර 

මෙහිදී ස්වර ලෙස හදුන්වන්නේ වෙනත් ශබ්දයක උපකාරය නොමැතිව තනිව උචිචාරණය කළ හැකි 
අක්‍ෂරයි . ස්වර 18 ක් සිංහල අක්‍ෂර මාලාවේ දක්නට ලැබේ .

      අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ ඏ ඏෟ එ ඒ ඓ ඔ ඕ ඖ 

මේ අතරින් (ඏ) හා (ඏෟ) යන ස්වර නුතනයේ භාවිතයේ දක්නට නොලැබේ .

  • මෙම ස්වර ද දෙවර්ගයකි .
           අ . කෙටි ස්වර -       අ ඇ ඉ උ ඍ ඏ එ ඔ 
           ආ . දීර්ඝ ස්වර -       ආ ඈ ඊ ඌ ඎ ඏෟ ඒ ඕ
           ඇ . සංයුක්ත ස්වර - ඓ ඖ

සිංහල හෝඩියේ තවත් විශේෂත්වයක් වන්නේ (ඇ) හා (ඈ) යන අක්‍ෂරයි . එසේ (ඇ) හා (ඈ) යන ශබ්ද සදහා වෙනම ම අක්‍ෂර ඇත්තේ සිංහල හා වංග යන භාෂා වල පමණි .






               ව්‍යඤ්ජන 


1 . වර්ග අක්‍ෂර - 

වර්ගාක්‍ෂර 25 ක් සිංහල හෝඩියේ දක්නට ලැබේ . ඒවා ක වර්ගය , ච වර්ගය , ට වර්ගය , ත වර්ගය , ප වර්ගය ලෙස වර්ග 5 කි .


තවද මේ වර්ගාක්‍ෂර පහත ලෙස ද වර්ග කළ හැක .
       අ . මහාප්‍රාණ - ඛ ඡ ඨ ථ ඵ ඝ ඣ ඪ ධ භ
       ආ . අල්පප්‍රාණ - ක ච ට ත ප ග ජ ඩ ද බ
       ඇ . වර්ගාන්ත - ඞ ඤ ණ න ම


2 . සඤ්ඤක අක්‍ෂර

සඤ්ඤක අක්‍ෂර සෑදෙන්නේ වර්ගාන්ත හා අල්පප්‍රාණ අක්‍ෂර සංයෝජනය වීමෙනි .


3 . ඌෂ්මාක්‍ෂර - 

මෙම අක්‍ෂර උච්චාරණයේදී මුඛයෙන් වායු ධාරාව උණුසුම් ව නිකුත් වේ .
             අඃ ශ ෂ ස හ ෆ

4 . අනතඃස්ථාක්‍ෂර - 

අර්ධ ස්වර ලෙස ද හඳුන්වයි .මේවා ස්වර හා ව්‍යඤ්ජන අතර පිහිටයි .
ය ර ල ව

     ය් - ඉ
     ර් - ඍ
     ල් - ඏ
     ව් - උ

  • සන්ධි වීමේදී ඇතැම් ස්වර අර්ධ ස්වර බවට පත්වේ .                                                                    උදා - බහු + අර්ථ = බහ් + උ + අර්ථ = බහ්වර්ථ                                                                                                 (මෙහිදී (උ) ස්වරය (ව්) ව්‍යඤ්ජනය බවට පත්වේ ) 


* තවද අනුස්වාරය(බිංදුව) හා විසර්ගය ද ව්‍යඤ්ජන සේ පිළිගෙන ඇත .

* සිංහල හෝඩිය්‍ෙ අවසාන අකුර වන (ෆ) අක්‍ෂරය උපත්මානිය නම් වේ . එය ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින්       සිංහලයට තත්සම වූ වචන ලිවීමට යොදාගනී ( ෆාමසිය )

* සඤ්ඤක අක්‍ෂරයක් වන (ඦ) වර්තමාන සිංහල ව්‍යවහාරයේ දක්නට නොලැබේ . 


* (ඥ) යනු සංයුක්ත අක්‍ෂරයකි . එය සෑදෙන්නේ (ජ) හා (ඤ) අක්‍ෂර සංයෝජනය වීමෙනි .
                                                               

19 comments:

  1. නියම වැඩක් ජනිදු....

    ReplyDelete
  2. හරිම ප්‍රයෝජනවත් ඒක

    ReplyDelete
  3. ෆ අකුර උපත්මානිය කියලා හදුන්වන්න හේතුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සංස්කෘත භාෂාවේ උපධිමානීය කියල ව්‍යකරණ නීතියක් තියෙනවා ,මම හිතන්නේ ඒක තමයි මේ කියන්නේ .(ජිහ්වාමූලීය හා උපධිමානීය )

      Delete
  4. ගොඩක් වට්නවා

    ReplyDelete
  5. ගැම්මක් තමයි

    ReplyDelete